විපක්ෂයේ ගැලවුම්කරු ගොඩහේවාගේ දූෂිත වරුන!

විපක්ෂයේ ගැලවුම්කරු ගොඩහේවාගේ දූෂිත වරුන!

නාලක ගොඩහේවා ලාංකික දේශපාලනය තුල පළමුව මුණ ගැසෙන්නේ රාජපක්ෂ පාලනයේ අංකුර නිලධාරියකු ලෙසටය. එදා ඔහු පෙනී සිටියේ ගෝඨාභයගේ එක් අගසව්වකු ලෙසටය.

එසේ අංකුර නිලධාරියකු ලෙස ගොඩහේවා පළමුව සේවය කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙසටය. එම සමාගම තුළ සිදු කරන ලද දුෂණ කටයුතු ඔප්පුවීම නිසා ගොඩහේවාට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම බල කොට සිටියේය.

ඉන් පසුව ගෝඨාබයගේ මෙහෙයවීමෙන් ගොඩහේවා කොටස් වෙළෙදපොළ කොමිසමෙහි සභාපති ලෙස පත් කරන්නට යෙදුනු අතර, එවකට කොටස් වෙළෙඳපොළ තුල සිදුවු දුෂිත ගනුදෙනු සියල්ල සිදු කෙරුනේ ගොඩහේවා සභාපතිගේ මෙහෙයවීම තුළිනි. ගොඩහේවාගේ අපරාධ සහායකයා වුයේ ගෝඨාගේ තවත් අගසව්වකු වු දිලිත් ජයවීරය. ගොඩහේවා සිදු කල එක් දුෂණයකට එරෙහිව යහපාලන සමයෙහි අපරාධ චෝදනා මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබූ අතර, ගෝඨා ජනාධිපති විසින් නීතිපති හරහා සාක්ෂි නොමැති බව දක්වමින් ගොඩහේවා නිදොස් කරගත්තේය. අද ගොඩහේවා කියන්නේ තමන්ගේ නිර්දෝෂීත්වය අධිකරණය ඉදිරියේ ඔප්පුවී ඇති බැවින් තමන් සුදනකු වන බවය.

නමුත් එදා තමන් බේරා ගත්තේ ගෝඨාබය බව ද, අමතක කරමින් තමන් මහා රාජපක්ෂ විරෝධියකු බවට සමාජය ඉදිරියේ පෙනී සිටී.

2017 දී ගොඩහේවා දිලිත් ජයවීරට අයත් Citrus හෝටලයට අනුබද්ධ වස්කඩුව හෝටල් සමාගමේ 16 වැනි විශාලම කොටස් හිමියා ලෙස කටයුතු කළේය.

එසේම ගොඩහේවා Colombo Land and Development කොම්පැනියේ 7වන විශාලම කොටස් හිමියා වූයේ ය.
ගොඩහේවා දිලිත් ජයවීරට හා වරුණි අමුණුගමට අයත් දිවැස ෆිනෑන්ස් සමාගමෙහි සභාපති ලෙස කටයුතු කළේය.
තමන් කොටස් වෙළෙඳපොළ කොමිසමෙහි සභාපතිව සිටිමින් ඉහත දැක්වු ලැදියාවන්ගේ පරස්පරතාවයන් නොතකමින් දිලිත් ජයවීර සමඟ වංක සහයෝගයෙන් ක්‍රියාකරමින් කොටස් වෙළෙඳපොළ තුළ අදාළ සමාගම්වල කොටස් මිල කෘත්‍රිම ව ඉහළ නංවා කෝටි ගණන් මුදල් උපයාගෙන අවසානයේ දී එවායේ කොටස් මිල පහලට කඩා වැටෙන්නට ඉඩ හැරියේය. (Pump & Dump of stocks) මේ නිසා කොටස් වෙළෙඳපොළ තුළ බංකොළොත් වූ අහිංසක පුරවැසියන් ප්‍රමාණය අපමණය.

මොවුන්ගේ මෙම කෙරුවාවන් පිළිබඳ මහ බැංකු වංචාවට අදාළ ව සිදු කළ වෝහාරික විඝණන වාර්ථාවෙහි ද දැක්වෙන්නේය. එදා ඔවුන් තමන්ගේ සමාගම්වල කොටස් මිල ඉහළ දමා ගැනීමට භාවිතා කරන ලද්දේ EPF මුදල් වන අතර, ඒ සඳහා අනගි සහාය එවකට මහ බැංකු අධිපති කබ්රාල් වෙතින් ලැබිණ.

ගොඩහේවා යනු කුප්‍රකට තැරැව්කරුවෙක්ද වන්නේය. නාමල් රාජපක්ෂ ඇටවූ ක්‍රිෂ් ව්‍යාපෘතියේ අතරමැදි තැරැව්කරුවා ලෙස ක්‍රියා කරන ලද්දේද ගොඩහේවා ය. ගොඩහේවා සහ නාමල්ලා තම ජාම බේරා ගත්ත ද අද කොටුවේ අත්හැර දමා පවතින ක්‍රිෂ් ටවරය අපට පෙන්වා දෙන්නේ ජාතියේ මහා කොල්ලකරුවන් පිළිබඳ සිහිවටනයි.

එසේම ලංකා හොස්පිටල් සමාගමේ ආන්දෝලනාත්මක 29% කොටස් විකිණීමට අදාළ තැරැව්කරු ලෙස ක්‍රියා කර ඇත්තේ ද ගොඩහේවා ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ වන්දිය අඩුකර ගැනීමට ගිනිගත් නැව මහ මුහුදට ඇදගෙන යාමට දරදිය ඇද්දේ ගොඩහේවා ය. නැවෙන් සිදුවන පරිසර විනාශය අවතක්සේරු කරමින් ගොඩහේවා මාධ්‍යයට පවසා තිබුනේ මිය ගිය කැස්බැවන් ගොඩගසන්නේ එම සතුන් ස්වාභාවිකව මිය යෑම හේතු කොට ගෙන බවය. ඒ එදා සිදුවු මහා විපත අවතක්සේරු කරන්නටය.

ගොඩහේවාට එරෙහිව නඩු පවරා අවසානයේ ගෝඨාගේ පිහිටෙන් නිදහස් වුයේ තමන් කොටස් වෙළෙඳපොළ කොමිසමෙහි සභාපති වරයා ලෙස ක්‍රියා කරමින් නාමල් රාජපක්ෂගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයට කොටස් වෙළෙඳපොළ තුළ තරුණ සහභාගීත්වය ඉහල නැංවීම සඳහා වන දැනුවත් කිරීමේ වැඩසටහනකට කොමිසමේ මුදල් කෝටි ගණනක් ලබා දීමේ හේතුවෙනි.

විදුලි සංදේශ කොමිසමේ සභාපති වරයා එම කොමිසමේ මුදල් සිල් රෙදි ලබා දීම සඳහා දඬුවම් ලැබුන ද, ගොඩහේවාට තම කොමිසමේ මුදල් ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයට ලබා දීම නිසා දඬුවමක් නොලැබුනේය.

ඒ නිසාම ගොඩහේවා දැන් කියන්නේ තමන් පිරිසිදු අවංක දේශපාලකයකු බවය. රාජපක්ෂ විරෝධියකු බවය. ඒ නිසාම මෙරට විපක්ෂයට නායකත්වය ලබා දීමේ හැකියාව තමන්ට පවතින බවය. නමුත් සැබවින්ම සිදුවිය යුත්තේ ගොඩහේවා සහ දිලිත් ජයවීරගේ කුප්‍රකට මුදල් ජාවාරම් පිළිබඳ අනාගත කොමිසමක් පත් කොට මොවුන් සිපිරි ගෙයට යවා මොවුන්ගේ වත්කම් රාජසන්තක කිරීම ය.

නමුත් දැන් සිදු වෙමින් පවතින්නේ මොවුන් රට ගලවා ගන්නා වීරයන් බවට පත්වීමය.
අබුදස්ස කාලයට ගොම රිටි පතුලට යනවා කියන්නේ මෙවැනි දෑ සිදුවන කලටයැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *