‘රෝයල් බීච් සමන්’ට ‘යුක්තිය’ පාරාවළල්ලක් වෙයි?

‘රෝයල් බීච් සමන්’ට ‘යුක්තිය’ පාරාවළල්ලක් වෙයි?

වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රධානියකු ඇතුළු පස් දෙනකු මියගිය බව පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ අපේ ජනබල පකෂයේ ලේකම් ගල්ගමුව රත්ගල්ගොඩ වත්ත සමන් ප්‍රසන්න පෙරේර, පහළගඟබඩ හසිත රණසිංහ, පොලවත්ත වරාහේන සමීර මධුශංක, කුරුණෑගල ගට්ටුවානේ බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ චම්ප්‍රිය ජයතිලක යන පස් දෙනා බවට හඳුනාගත් බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත කහවත්ත පිවිසුම ආසන්නයේ දී අද 8.00 පමණ මෙම වෙඩි තැමීම සිදුව ඇතැයි පොලිසිය කියයි. තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මාධ්‍ය වාර්තා කරන්නේ එසේ ය. මේ අප විසින් හෙළි කරගත් තොරතුරු ය.

අපේ ජන බල පක්ෂයේ ආරම්භක මහලේකම් නැත්නම් නිසි බලධරයා බවට පත් ව සිටියේ වේදිණිගම විමලතිස්ස හිමියන් ය. අපේ ජනබල පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් ලැබුණේ මේ අතරේ ය. මන්ත්‍රී ධුරය බෙදාගැනීම සඳහා මාරාන්තික සටනක් ද ක්‍රියාත්මක වී වේදිනිගම හිමියන් කාලයකට අතුරුදන් වූ අතර, මන්ත්‍රී ධුරයට පත් වන්නේ අතුරලියේ රතන හිමියන් ය. ඒ වාරික වශයෙන් ගලගොඩඅත්තේ හිමි සමග මන්ත්‍රී ධුරය බෙදා ගන්නට ය. කෙසේවෙතත්, රතන හිමි මන්ත්‍රි ධුරය මේ වනතුරු තමන් සන්තකයේ තබාගෙන සිටින අතර, වේදිනිගම හිමියන්ගෙන් ගැලවෙන පක්ෂයේ නිසි බලධාරීත්වය අද මියගිය සමන් පෙරේරා අතට පත් වෙයි. අපි මේ මියගිය ‘සමන් පෙරේරා’ යනු කවුදැයි සොයා බලමු.

පොලිසිය මෙන්ම දකුණේ මිනිස්සු ඔහුව හඳුනන්නේ ‘රෝයල් බීච් සමන්’ යැයි කීවිටය. දකුණේ පාතාල කල්ලිවල නම් කියැවෙන විට ඒත් එක්කම කියැවෙන නාමයක් වන ‘රෝයල් බීච් සමන්ගේ’ නම ඉදිරියේ ඇති චෝදනා ගණන ද සුළුපටු නැත.

රෝයල් බීච් සමන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන්නේ කොස්ගොඩ සුජීය.

අවස්ථා කිහිපයක්ම සුජීගේ වෙඩි උණ්ඩ රෝයල් බීච් සමන් සොයාගෙනවිත් තිබුණේය.

වරක් සමන්ගේ දිවි ගැලවෙන්නේ ඔහුට තැබූ වෙඩිල්ල විදේශිකයෙකුට වැදීය. මේ කියන සමන් අපේ ජනබල පක්ෂය මිලදී ගන්නේ පසුකාලීනව ය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතක් ගැන කී නාමල් කුමාර සිටින්නේ ද ඔහු සමගිනි. ඊට අමතරව සිංහල සංවිධාන කිහිපයකටම අරමුදල් සපයන්නේද සමන්ය. එම සිංහල සංවිධාන දැන් සිටින්නේ සමන් සමගිනි.

සංචාරක මග පෙන්වන්නෙක් ලෙස සිය ජීවිතය ඇරඹි සමන් මියයන්නේ ප්‍රකෝටිපතියෙකු ලෙස ය. ඒ ප්‍රකෝටිපති වෛද්‍යවරියක් විවාහ ගැනීමෙනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කුළියාපිටියේ ගිනි ඇවිලෙන විට කළු පැහැති ඩිෆෙන්ඩරයකින් නාමල් කුමාර සමග කුළියාපිටිය පැත්තේ සැරි සරා තිබුණේ සමන් පෙරේරා ය.

එදා නාමල් කුමාර පොලිසියට පවසා තිබුණේ අලුත් දේශපාලන පක්ෂයේ වැඩ කටයුතු සංවිධානය කිරීමට යමින් සිටියදී කුළියාපිටියේ කලබලයට තමන් මැදිවූ බවකි.

නාමල් කුමාර සිටියේ කා සමගින්දැයි ඒ අනුව පැහැදිලිය. නාමල් කුමාර රහස් පොලිස් භාරයේ සිටිද්දී ජනපති ඝාතන කුමන්ත්‍රණ කථාව හිතළුවක් බව ඔහු විසින් හෙළි කරන ලදී.

එම ඝාතන කථාවට මාකදුරේ මධුෂ්ව පටලවන්නේ ඒ වන විට පාතාලයේ ගෝඞ්ෆාදර් ලෙස වැඡඹුණේ ඔහු බැවිනි. ජනපති ඝාතන කථාවක් ගොඩ නගන්නේද ගෝඨාභය රාජපක්ෂව පුම්බන්නටය. ඒ සඳහා ජනපති මෛත්‍රීපාලව පටලවන්නේ ඔහු ලව්වා මේ නැත්ත ඇත්ත කරවන්නටය.

අද ඝාතනයට ලක් වූ සමන් පෙරේරාගේ කතාව එයයි. අපේ ජන බල පක්ෂය දෙස ආපසු යමු. අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන් සන්තකයේ තබා ගැනීම සඳහා අතුරලියේ රතන හිමි සමග ඩීල් දමන්නේ පසුකාලීනව පක්ෂ නායකයා වූ මේ සමන් පෙරේරා ය. ඒ සඳහා පක්ෂයේ මහලේකම් වූ වේදිනිගම හිමියන් අතුරුදන් කොට තබාගෙන සිටීම සඳහා අද ‘යුක්තිය’ පසිඳලන්නට වෙර දරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සුවිශාල උපකාරයක් වී තිබේ.

ඒ අඹ යාළුකම අද පාරාවළල්ලක් වී ‘යුක්තිය’ සමන් පෙරේරාගේ හිස මත කඩා වැටි ඇති බවක් පෙනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *