අශෝක අබේගුණවර්ධනගේ සව්දම්!

අශෝක අබේගුණවර්ධනගේ සව්දම්!

අශෝක අබේගුණවර්ධන දැන් කඩේ යන්නේ ජවිපෙ බලයට පත් කර ගන්නට ය. එසේ කඩේ යමින් කියන්නේ පරණ හොරු අල්ලන්නට කියාය. නමුත් දැන් බලන් ගියාම අපට කියන්නට වෙන්නේ අශෝක අබේගුණවර්ධනගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියා ය. අශෝක, අතන මෙතන රතන සාදු සමග 2015 දී සහාය දුන්නේ මෛත්‍රීට ය.

අශෝක 2015 දී තමන් කරන ලද වීර වික්‍රමය පිළිබඳ පොතක් ද ලිව්වේය. ඒ අනුව 75 වසරක දුෂණ හා අපරාධ ගැන ජවිපෙ බණ දෙසන විට අශෝක අබේගුණවර්ධන එහි ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන්නේය. මෛත්‍රී බලයට පත් කිරීමට තමන් සිදු කළ කැප කිරීම සඳහා මෛත්‍රි කප්පමක් ලෙස අශෝකට ලබා දුන්නේ සෙමා ආයතනයයි. සෙමා ආයතනය චන්ද්‍රිකා විසින් ගොඩනැගු ආයතනයක් වූ අතර, එහි අරමුණ වූයේ රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජයට උපදෙස් දීම යි.

මෛත්‍රී සමයේ දී සෙමා ආයතනයට කරන්නට යමක් තිබුණේ නැත. අශෝක අබේගුණවර්ධන විසල් වැටුපක් සැප වාහන තබා ගනිමින් කිසිදු වැඩක් නොකොට වසර පහක්ම තනතුරේ වැජඹුණේ ය. සෙමා ආයතනයේ සිටින අතරේම රතන සාදු සමග එක්ව ජනාධිපති අරමුදලෙන් රු. මිලියන 500 ලබා ගෙන හරිත කෟෂිකර්ම ව්‍යාපෘතියක් ඇරඹුවේය. එම සමස්ත ව්‍යාපෘතියම දැවැන්ත බොරුවක් වුයේය. එම ව්‍යාපෘතියේ මුදල් මිලියන 300 වංචා කොට ඇති බව මෛත්‍රී ජනාධිපතිවරයා දැන ගත් පසුව හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය පමණක් නොව සෙමා ආයතනය ද වසා දමා අශෝක අබේගුණවර්ධන ගෙදර යැව්වේය.

නමුත් දැන් අශෝකලා කතා කරන්නේ පිරිසිදු පාලනයක් ගැන ය. නමුත් තමන්ට හැන්ද තිබෙන විට බෙදා ගත්තේ එහෙමය. අශෝකට සම්බන්ධ දුෂණ පිළිබඳ ලිඛිත සාක්ෂි සහිත සෙමා ආයතනයේ කණ්ඩායමක් දූෂණ විරෝධී කොමිසමට පැමිණිලි කිරීමට ලක ලෑස්ති වන බවට ද, ආරංචියක් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *