අගලවත්ත පොලිස් ස්ථානාධිපති පාතාලයෙක් ඉදිරියේ වැඳ වැටේ?

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පාතාලයෙක් ඉදිරියේ වැඳ වැටේ?

පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත.

තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට ‘පිම්පියා’ කියමින් බැණ වදිමින් කළ දුරකථන සංවාදයකින් පසුව යූටියුබ් හරහා සංසරණය වන වීඩියෝව ගැන මෙම පරීක්ෂණය අරඹා තිබේ.

මෙම නිලධාරියා ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටියදී පාතාලය සමග කළ මුදල් ගනුදෙනුවක් අරබයා මෙම බැණ වැදීම සිදුවී ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් මීට පෙර කටයුතු කළ රොහාන් ප්‍රේමරත්න විසින් මෙම නිලධාරියා ඩුබායිහි ඇල්ටෝ ධර්මේ සමග සබඳතා පවත්වමින් මාස් පතා වැටුප් ලබන බවට වාර්තාවක් එවකට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්ධු තෙන්නකෝන්ටද යොමුකර තිබුණි.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) යොදවා කළ විමර්ශනයකින් පසුව ඔහුගේ සේවය අත්හිටුවා ඇත.

එසේ තිබියදී හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම නිලධාරියා යළි ​සේවයේ පිහිටුවා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කර තිබේ.

මෙම නිලධාරියා පාතාලය සමග සමීප සබඳතා පවත්වමින් ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන හඬපට ඔස්සේ ප්‍රචාරය වීමත් සමග පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යළිත් විමර්ශනයක් භාරදී ඇත.

අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *