බහුතරය නැතිවුණොත් සභාග ආණ්ඩුවකට යනවා..!

බහුතරය නැතිවුණොත් සභාග ආණ්ඩුවකට යනවා..!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 113 සරල බහුතරය ලබා ගැනීමට නොහැකි වුවහොත්, සභාග ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පවසයි.

පාර්ලිමේන්තුවේ සිටින වෙනත් එකගවිය හැකි කණ්ඩායම් සමග එකතු වී ආණ්ඩුවක් පිහිටවන බව මාලිමා නායකයාගේ අදහසයි.

ජනතාව විපක්ෂය නියෝජනය කිරීම සඳහා බලය ලබා දුනොහොත් විපක්ෂයේ වාඩිවෙන බව ද පැවසූ ඔහු ආණ්ඩුවක් දෙන්න බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නත් 113 ලැබී නැතිනම් එකඟ විය හැකි එකතු කරගත හැකි කණ්ඩායම එක් කරගෙන ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවක් අතරතුර එහි අයෙකු විසින් විමසූ පැනයකට පිළිතුරක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *