රනිල්ට ෂොට් එකක්..? රාජපක්ෂලා හම්බන්තොටින් නාමල් එක්ක නැගිටියි!

රනිල්ට ෂොට් එකක්..? රාජපක්ෂලා හම්බන්තොටින් නාමල් එක්ක නැගිටියි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂලාගේ පවුලේ බූදලය වන ‘පොහොට්ටුව’ ආයෙ නැගිටින්න ම බැරිවෙන්න වැටිලා ඉන්න වෙලාවේ, මහ රාජපක්ෂ වූ මහින්දගේ ලොකු පුතා නාමල් රාජපක්ෂ ‘පොහොට්ටුව’ නැගිට්ටවන මුවාවෙන් ‘රාජපක්ෂලා’ හම්බන්තොටින් නැගිට්ටවන්න ලෑස්ති වෙන බවක් ආරංචියි. මේක සිද්ධ වෙන්නේ නාමල්ගෙ ‘දස බල සේනා’ ලත් තැන ම ලොප් වෙලා වැඩි කාලයක් යන්නට මත්තෙන් වීම විශේෂත්වයක්. ඒ එක්කම මහා සංඝරත්නය තාම රාජපක්ෂලා එක්ක ඉන්න බව පෙන්වන්න ගොස් හත් පොලේ ගා ගත්ත හැටිත් අපි හෙළිදරව් කළා ඔබට මතක ඇති.

ඒ අනුව, ලබන සතියේ දහදාහක් (10,000) විතර මහ සෙනගක් හම්බන්තොටට ගෙනල්ලා මහ රැලියක් කරන්න නාමල් සූදානම් වන බව ආරංචියි. රාජපක්ෂලාගේ මේ දේශපාලන වැඩේට ලුණු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක රාජ්‍ය සේවකයන් යොදාගන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව නාමල් පුතා පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිලා සහ කැබිනට් ඇමැතිලාට පෞද්ගලිකව දුරකතනයෙන් අමතලා මේක ලකේට සංවිධානය කරන්න ඕන කියලා දැනුම් දීලත් තියෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ජනතාව ගෙන්නවන්න මුදල් ප්‍රතිපාදනත් ලෑස්ති කරන ගමන්, බස් දාලා සෙනග ගෙන්වලා රාජපක්ෂලාට සුපුරුදු කුප්‍රකට ක්‍රියාදාමය මේ වැඩේටත් යොදවා ගන්න නාමල් ලෑස්ති වෙනවා.

ලොකු පුතාගෙ මේ වැඩේට මහින්දත් බරටම සූදානම් වෙලා මදිවට තමන් මේ රැලියට එනවා කියලත් දන්වලා තියෙනවා. රාජපක්ෂලාගේ සුපුරුදු ක්‍රියාදාමය වන තමන්ගේ පෞද්ගලික දේශපාලන උවමනාවන් වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම, රාජ්‍ය මුදල් වියදම් කිරීම සහ රාජ්‍ය සේවකයන් යොදවා ගැනීම මේ වැඩේටත් යහමින් යොදාගන්න රාජපක්ෂලා සූදානම් වෙනවා. මෙහි යටි අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ‘ෂොට් එකක්’ දෙන එක බව පැහැදිලියි. මේ වෙද්දි රනිල් පොහොට්ටුවේ විශාල පිරිසක් තමන්ගේ පැත්තට නම්මගන්න සමත් වෙලා තියෙන එක ඒකට හේතුවක්.

මේ අතරෙ, කතානායකට විශ්වාසභංගයක් ගෙනාපු වෙලාවෙ මේ කියන නාමල් රාජපක්ෂ හිටිහැටියෙ ඩුබායි ගිහින් තියෙනවා. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ඒ විවාදය තියෙද්දි විදෙස්‌ගත ව සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඇතුලු පොහොට්ටුවේ හය දෙනෙකු ලංකාවට කැඳවූ මොහොතක ඒ කැඳවීම නාමල්ට අදාල නොවන්නේදැයි නෙළුම් මාවතේ සෙට් එක කතාවෙලා තිබෙන බවත් ආරංචියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *