තෙල් සහ වසර හතලිහකට පසු වෙනස් වී නැත්තේ නමක් පමණි!!!

තෙල් සහ වසර හතලිහකට පසු වෙනස් වී නැත්තේ නමක් පමණි!!!

1984 වසරේ අගෝස්තු වල මෙරට පුවත්පත් කීපයක්ම වාර්ථා කර තිබුනේ කැලණිය , ගෝනවල ප්‍රදේශයෙන් තෙල් ලිඳක් මතු වී ඇති බවය.

මේ ආරංචිය පත්තර වල පලවීමට ප්‍රථම එම තෙල් ලිඳ ට සවි කර තිබූ කරාමය හරහා බූලි වලට, කෑන් වලට පුරවා තෙල් අඩු මිලට අලෙවි කරමින් අත යට ජාවාරමක් කිරීමට මෙම ගෝනවල ගමේ නම ඉස්සරහට දාගෙන ප්‍රසිද්ධව සිටි එක්තරා දේශපාලන හයි කාරයෙක් සමත් වී තිබිණ.

කණින් කන ගිය තෙල් ජාවාරම ගැන හොයන්න එකල කැලණිය වසා පැතිර තිබූ දේශපාලන යකඩ අත ගැන නොහිතා කටයුතු කල එක්තරා පොලිස් පරීක්ෂකවරයෙකු අදාළ තෙල් ලිඳ සොයා ගෝනවල ඉඩමකට කඩා පිනුයේ තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද, සමඟය.

එහි ගිය ඔවුන්ට දැක ගන්නට ලැබුනේ අදාල ඉඩමේ තැනක වලක් හාරා  සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට කොලොන්නාව තෙල් සංකීර්ණය ට තෙල් රැගෙන යන නලයක් විද එයට කරාමයක් සවි කර තෙල් පිටතට රැගෙන ඇති බවයි.

මේ පිළිබඳව හදීසියේ සිහියට එන්නේ ලංකාවේ වාහන වලට භාවිතා කරන ඉන්ධන වර්ග වල භාවිත ප්‍රතිශතය අනුව 10% ක්  පමණක් භාවිතා කරන ඉන්ධන වර්ගයක මිල පමණක් අඩු කර ඔවුනට පමණක් වාසි සැලසෙන ලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදුකල ඉන්ධන මිල සංශෝධනය නිසාය. 

ඉහත සිදුවීම් දෙක අතර අන්තර් සම්බන්ධය සෙවීමට නම් 1984 දී තෙල් සංස්ථාව අයිතිව තිබුන කර්මාන්ත අමාත්‍යාංශය භාරව සිටි ඇමතිවරයා කවුරුන්ද යන්නත් ,  කැලණිය ගෝනවල පෙර කී තෙල් ජාවාරම මෙහෙය වූ නමගිය දේශපාලන මැරවරයාට දේශපාලන හයිය දුන්නේ කවුරුන්ද යන්නත් සොයා බැලිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *