රනිල් සඳුදා හමුවට ගෙනා සැඟවුනු අමුත්තා !

රනිල් සඳුදා හමුවට ගෙනා සැඟවුනු අමුත්තා !

හදිසි මහ මැතිවරණයක්  ගැන මතු වූ කසු කුසු දැන් දැන් නැත්තටම නැති වී ඇත. ඒක ඕනෑ වුනේ බැසිල් රාජපක්ෂට ය.  ඒ පොහොට්ටුව හොම්බෙන් යාම නතර කර ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන්ම බැසිල් ලංකාවට පැමිණ ජනාධිපති රනිල් ව කීප සැරයක්ම මුණ ගැසිණ.  තමන්ව රනිල් මායිම් නොකල තැන මහින්ද එක්ක පවා බැසිල් ජනපති මුණ ගැහෙන්න ගියෝය.  ඒත් උත්තරයේ වෙනසක් නොවුණි.

රනිල් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැත.

තමන්ගේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ළඟම සෙට් එක වන සාගල, වජිර, රවී ඇතුලු පිරිස පවත්වාගෙන යන කැම්පේන් එක ගැන නිකමට මෙන් හෝ සොයා බැලීමට රනිල් යොදාගෙන තියෙන්නේ සඳුදා දිනයයි.   “මේ ඈයොන්ගේ ආසාවනේ ”  වගේ හිතකින් මේ වැඩේට ඉඩදී සිටින රනිල් පසුගිය සති දෙකේ සඳුදාවල මෙම කැම්පේන් කණ්ඩායමේ හමුවට අමුත්තෙක් කැඳවා තිබිණ.

මේ අමුත්තා දැකපු සමහරුන්ගේ මුහුණු රතු වීමට වැඩි වෙලාවක් ගත නොවුනේ ලු.  රවී, සාගල, වජිර නම් ඉතාම කුලුපඟ ලෙස මේ අමුත්තා පිළිගෙන තිබුණ හැටියෙන් සෙසු අයට දැනී තිබුනේ ඔහු එන බව තමන් නොදැන සිටියාට මේ අය කළින් ම දැන ගෙන සිටි වගය.

අමුත්තා අන් කවරෙකුත් නොව බැසිල් රාජපක්ෂ ය.

රාජපක්ෂලාට තව දුරටත් එකඟ නොවෙමින් ඔවුන්ගෙන් ඉවත්ව රනිල්ට සහය දක්වන ලද මේ කැම්පේන් කණ්ඩායම් හමුවට සහභාගී වී සිටි අය මේ හමුවට බැසිල් ගෙන ඒම ගැන තම කණස්සල්ල ජනාධිපතිවරයාට දන්වා තිබිණ.

නමුත් ඊළඟ සතියේ සඳුදා හමුවටද බැසිල් පැමිණ සිටීමෙන් පෙර කී අයගේ සීමාව බිඳී ගොස් ඇති අතර මින් ඉදිරියට සඳුදා හමුවට නොයාමට මේ අයගේ කණ්ඩායම සිදු කළ සාකච්ඡාවක් තුළ තීරණය වී ඇත. එමෙන්ම ජනාධිපතිවරයා නිශ්චිත ලෙස ම රාජපක්‍ෂවරු අත් නොහරින්නේ නම් තම කණ්ඩායමේ සහය ඉදිරි ජනාධිපතිවරණය තුල ඔහුට ලබා නොදීමටද මේ කණ්ඩායම තීරණය කර ඇත. මෙම මන්ත්‍රීවරු කණ්ඩායම ට පිරිස විස්සක් පමණ අයත් වන අතර, මෙම කණ්ඩායම ඉදිරියේ දී පුළුල් එකතුවක් ලෙස වර්ධනය වන බවටද දේශපාලන ඉඟි පලවෙමින් ඇත.

මේ අතර මෙම මන්ත්‍රී කණ්ඩායමේ විශාල මහජන හමුවක් ජූනි මස මුල් සතියේ හම්බන්තොට දී පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *