බැසිල් රනිල් එක්ක යන්න හදද්දී ධම්මිකට රිදෙයි. රනිල්ව වෙලාවට අතාරිනවා කියා බැසිල් ධම්මික සනසයි. ධම්මික සජිත් ළඟ නවතියි..?

බැසිල් රනිල් එක්ක යන්න හදද්දී ධම්මිකට රිදෙයි. රනිල්ව වෙලාවට අතාරිනවා කියා බැසිල් ධම්මික සනසයි. ධම්මික සජිත් ළඟ නවතියි..?

පාර්ලිමේන්තුව විසුරුවන්න කියා බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කණිපින්දම් කියන්නට පටන් ගෙන දැන් බොහෝ කල් ‍ය. ඒ පාර්ලිමේන්තුවේ ආසන 30-40 ක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමේ තීරක බලය තමන් වෙත ලබා ගන්න ය. කළින් ම ජනාධිපතිවරණය තියන්න ගියොත් පොහොට්ටුව සෙට්ට පෝච්චි වෙලා ම යන බව බැසිල් දනී. මහින්ද අයියාව ද, කැටුව පාර්ලිමේන්තුව විසුරුවන්න බැසිල් කළ දුෂ්කර ක්‍රියාව රනිල්ගේ ‘මුරණ්ඩුකම’ නිසා අසාර්ථක වූ බව දැන් ඔබ දනී.

කොහොමටත් දැන් පොහොට්ටුවට වෙලා තියෙන්නේ රනිල්ගේ ඇඟේ එල්ලිලා යන්න ය. නාමල් රාජපක්ෂට වෙන ම ජනාධිපතිවරණයට එන්නට තවම කාලය එළඹී නැත. ඒ නිසා බැසිල් කල්පනා කරන්නේ දැන් කෙසේ හෝ කොරා සහ අන්ධයා සේ රනිල් එක්ක ගමනක් යන්න ය. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදෙන්නට රාජපක්ෂලා මේ වන විට සූදානම් වී තිබේ. ඉන් වඩාත් පාඩුව සහ හිත් රිදවීම වූයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වන්නට සූට් මැහූ කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට ය.

“ඔයාලා රනිල්ට වැඩ කරනවා නම් මට අගමැතිකමවත් ඉල්ලා දෙන්න” යි ධම්මික පෙරේරා රාජපක්ෂලාගෙන් ඉල්ලා සිටින්නේ ඒ අනුව ය. වෙච්ච පාඩුව සහ අවනම්බුව ගොඩින් බේරා ගන්නට පෙරේරා හිතා සිටින්නේ ඒ ආකාරයෙන් විය යුතු ය. කෙසේවෙතත්, ධම්මික පෙරේරා තරහා කරගන්නට රාජපක්ෂලා කැමති නැත. ඒ ධම්මික පෙරේරා නිකම්ම පාක්ෂිකයෙකු නොව තමන්ගේ ‘බිස්නස් පාට්නර්’ වන නිසා ය. පෙරේරාට මේ තරම් ඉක්මණින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම එන්නට රාජපක්ෂලා තරම් උදව් කළ වෙනත් කිසිවෙකු නැති බව පෙරේරා මෙන් ම රාජපක්ෂලා ද හොඳින් දනී. එසේ හෙයිනි, “කළබල නොවී ඉන්න. අපි අන්තිම මොහොතේ රනිල්ව අතහරිනවා” යැයි බැසිල් රාජපක්ෂ, ධම්මික පෙරේරා වෙත පොරොන්දුවක් දී ඇත්තේ..

කෙසේවෙතත්, ධම්මික පෙරේරා තමන්ට වූ නවනිංගිරාව කෙසේ හෝ ප්‍රතිපූරණය කරගැනීමේ උත්සාහයක නිරත ව සිටී. බැසිල්ගේ පොරොන්දුව ඉටු වේ ද නැද්ද යන්න, පිළිබඳ ව ද, පෙරේරා සතුව ඇත්තේ අවිශ්වාසයකි. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නට ධම්මික පෙරේරාගේ සූදානමක් නැති බව පෙනේ. ඒ අනුව, රාජපක්ෂලා ද පසෙකින් තබාගෙන වෙනත් තැනක වෙනත් විදියකට වැඩ අල්ලන්නට පෙරේරා කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ. “මම ඔක්කොම අතහැරලා ඔයා එක්ක එනවා අගමැතිකම දෙන්න.” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග කියා ඇත්තේ වෙන කවුරුවත් නොව අපේ මේ කතානායක ධම්මික පෙරේරා ම ය. තමන්ට වාසියක් වේයැයි සිතන ඕනෑම පුද්ගලයෙකු එකතු කර ගැනීමට දෙවරක් නොසිතන වි.නා.ස ප්‍රේමදාස ද, ධම්මික පෙරේරා සමග එකඟ වී ඇතැයි වාර්තා වේ. ඒ ගොඩහේවලා එකතු කරගෙන යන ගමනට පක්ෂ අභ්‍යන්තර ප්‍රබලයන් රැසක් විරුද්ධ වන පසුබිමක් තුළ සජිත් මෙවැනි තීරණයක් ගැනීම මෙහි ලා ඇති විශේෂත්වය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *