ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රථය එංගලන්තයෙන් හොරකම් කළ එකක්??

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රථය එංගලන්තයෙන් හොරකම් කළ එකක්??

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ලියාපදිංචි නොකර නීති විරෝධීව භාවිතා කළ බවට චෝදනා එල්ල වූ සුඛෝපභෝගී මෝටර් රථය එංගලන්තයේ දී සොරකම් කළ එකක් බව හෙළිව තිබේ.

අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ විමර්ශණ නිලධාරීන් පැවසුවේ අදාළ රථයේ චැසි අංකය ජාත්‍යන්තර දත්ත පද්ධතිය හරහා පරීක්ෂා කිරීමේ දී මෙම රථය එංගලන්තයේ දී 2021 වසරේ සොරකම් කරන ලද එකක් බව තහවුරු වූ බවකි.

අදාළ රථය ළඟ තබා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් මස 30 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අදාළ වාහනය සොරා ගන්නා ලද අංක තහඩුවක් සමග භාවිතා කර ඇති බවත්, එය මෙරටට ආනයනය කල එකක් නොවන බව රේගුවේ දත්ත පද්ධතිය හරහා හෙළිව ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කළේය.

කෙසේ වෙතත් සැකකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ නීතිඥයා අධිකරණයේ දී කියා සිටියේ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද බව පැවසුවත් එම සොරකමට තම සේවා දායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඔහුට මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *