ජවිපෙ විරුද්ධවාදීන්ට මඩ ගහන්න පාවිච්චි කළ සේපාල් ජවිපෙටම පාරා වළල්ලක් වෙයි.

ජවිපෙ විරුද්ධවාදීන්ට මඩ ගහන්න පාවිච්චි කළ සේපාල් ජවිපෙටම පාරා වළල්ලක් වෙයි.

කලක් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ‘රෙදි නැතිව කඩේ ගිය’ සේපාල් අමරසිංහ, ඉන් හොඳ හැටි කෙලවාගෙන රටටත් කෙළවීමට දායක වෙමින් සිට පසුව ජාතික ජන බලවේගයට කඩේ යන්නට පටන් ගත්තේ තම යූ ටියුබ් නාලිකාව හරහා ය. ජාතික ජන බලවේගයට එරෙහි සියලු කණ්ඩායම් සේපාල්ගේ නිර්දය විවේචනයට හසු විය. විශේෂයෙන් ම ජාතික ජන බලවේගයේ නොවන බෞද්ධ භික්ෂූන් අරබයා දැඩි හිරිකිත ප්‍රහාරයක් ක්‍රියාත්මක කළ සේපාල් ඔහුගේ විවේචන නිසා ම සිරබතේ ද රස වින්දේ ය. කෙසේවෙතත්, ජාතික ජන බලවේගයට කොපමණ කඩේ ගිය ද, අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසුව සේපාල් අමරසිංහට ලැබුණු දෙයක් නොමැත. ආරංචියේ හැටියට දැන් සේපාල්ට ‘ෆන්ඩ්’ කරන්නේ මංජු නිස්සංක ය.

එනයින් දැන් සේපාල් අමරසිංහ දැන් නැවතත් වෙස් මාරු කර ගෙන තිබේ. තම යූ ටියුබ් චැනලය හරහා මාලිමාවේ/ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දැඩි ලෙස විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. ජාතික ජන බලවේගයේ නායකයින් වන අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, එරංග ගුණසේකර වැන්නවුන් සේපාල්ගේ නිර්දය විවේචනයට මේ වන විට හසු ව තිබේ. තම ‘සේපාල් අමරසිංහ’ යූ ටියුබ් චැනලය හරහා

  1. ”අපි වැඩ කරන්නෙ අපට ඕනෙ විදියටයි…” – විජිත හේරත්’
  2. ”ආණ්ඩුව කරන්නෙ, අනුරද ටිල්වින්ද ? ”
    යනුවෙන් අවසාන වරට කළ වීඩියෝ දෙක ම ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විවේචනයට යොදා ගන්නා සේපාල්, තම අනෙක් යූ ටියුබ් නාලිකාව වන 3 මිනිට්ස් හරහා ”ඊළඟ පාර්ලිමේන්තුවේ අලුත්ම ජෝකර්ලා..” යනුවෙන් සඳහන් වන වීඩියෝවේ එරංග ගුණසේකර දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. එමෙන් ම ” දේශපාලන වහලුන්ගේ යූටියුබ් තර්ජනවලට උත්තර…” යනුවෙන් වීඩියෝවක් කරමින් ඇල්පිටියේ ජනතාව ජේවීපී දේශපාලන චණ්ඩින්ට/ත්‍රාඩයන්ට විරෝධය පල කළ බවක් කියයි.

මෙසේ තමන් රෙදි නැතිව කඩේ ගිය ජනතා විමුක්ති පෙරමුණ නිර්දය ලෙස විවේචනය කරන සේපාල් අමරසිංහ ඔහුගේ තවත් සහෝදර යූ ටියුබ් නාලිකාවක් වන SAY the TRUTH නාලිකාවට ගෙන්වන්නේ විශේෂ පුද්ගලයෙකි. ඒ මංජු නිස්සංක ය. ඉන් සේපාල් උත්සාහ දරන්නේ ජාතික ජන බලවේගයට සිදු කරන්නේ අභියෝගයකි. අනෙක් අතට සේපාල් අමරසිංහ දැන් ජවිපෙ විවේචනය කරන්නේ මංජු නිස්සංකගේ යූ ටියුබ් නාලිකා හරහා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ මතවාදය බව බැලූ බැල්මටම පෙනී යයි.

ජනතා විමුක්ති පෙරමුණ, සේපාල් අමරසිංහලා යොදා ගෙන සිදු කරන ලද විරුද්ධවාදීන්ට පහර දීමේ නිර්දය විලාසය දැන් ජනතා විමුක්ති පෙරමුණට ද පාරාවලල්ලක් වී ඇති හැඩ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *