ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් ගැන ආණ්ඩුව නිහඬයි..!
ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජය දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඇතුළු ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට වත්මන් ජනාධිපති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දී සහතික විය. කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසු බලයට පත් වූ දා සිට විපතට පත් වූවන්ගේ පවුල්වලට […]
‘අතට’ නිවනක් නැති වැඩ බලන සභාපති !!
අතේ ඇඟිලි එකිනෙකට වෙනස් , එහෙත් මහපටැඟිල්ලේ පිළිමල්භාවය වැනි කාරණා නිසා ඒ වෙනස් වෙනස් ඇඟිලි එක්ව කටයුතු කිරීමේ හැකියාව නිසාම මිනිසා වානරයාගෙන් සුවිශේෂී ලෙස වෙනස් වූවා පමණක් නොව ඉතිහාසයක් පුරා ලද අපමණ මානව ජයග්‍රහණ වලට ද හේතුවක් වුණා. ඒත් ඔබ මා දන්නා මේ ‘අතේ’ කථාව වෙනස්. අත පාටිය හෙවත් ශ්‍රිලනිපය දැන් රට ඉදිරියේ ජෝක් එකක් […]
පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී කෝටි 8 කට ශ්රීලනිපය විජේදාසට විකුණයි..?
මෛත්‍රීපාල සිරිසේන විසින් විජේදාස රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා දමා ඇති බවට සැක මතුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි. “විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නේ? එයා පක්ෂයේ සාමාජිකයෙක් ද?” මෛත්‍රීපාල සිරිසේන සමග සිටගැනීමට පෙර විජේදාස රාජපක්ෂ වසර ගණනාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කතා කොට හෝ නොමැති බව […]
ජනාධිපතිවරණයේදී සහය කාටද? විමල්, දයාසිරි සහ ඩලස්ලාගේ තීරණය මැයි දිනයේ දී !!
ඉදිරි මැයි දිනය දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් කිරුළුපණ ක්‍රීඩාංගණයේ දී එක්ව පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මුලදී ඒ සඳහා සහභාගි වන බවට සූදානමක සිටි නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී පිරිස මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් […]
පාලිත – ආරියරත්න ජනකාන්ත දේශපාලනය – බෙදුම් දේශපාලනය සහ සජිත්
පාලිත තෙවරප්පෙරුම දිවි මගෙන් සමුගෙන ඇත. ඔහු මැරෙන බව දැන දේශපාලනය කළ අයෙකි. වසර 10 ට වැඩි කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළත් නියෝජ්‍ය ඇමතිකම් කළත්, ඔහු හොරෙක් යැයි කිසිවෙකු කීවේ නැත. පාලිත කළේ ජන මූල දේශපාලනයයි. හැබැයි පාලිත ඒක බොක්කෙන්ම කළේය. ඔහු දේශපාලනයකුගේ කාර්යභාරයෙන් ඔබ්බට ගොස් සමාජ සේවකයකුගේ කාර්යභාරය අකුරටම කළේය. ජීවිතයේ අවසාන කාලයේ ඔහු සමාජ […]
ඊබ්‍රාහිම් අපිත් එක්ක හිටියෙ 2015. එයාගෙ දරුවො 2019 බෝම්බ පුපුරුවයි කියලා කවුද දන්නෙ? මහින්ද සම්මානත් දුන්නා එයාට
මොහොමඩ් ඊබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක ජාතික ලැයිස්තුවේ සිටියේ 2015 වසරේදී බව ජාතික ජන බලවේග විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි. එම කාලයේ ඊබ්‍රාහිම් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු නායකයන්ගෙන් සම්මාන රාශියක් දිනාගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවද ඔහු පැවසීය. නමුත් 2019 දී ඔහුගේ දරුවන් බෝම්බ පුපුරවා ගනී යයි 2015 දී කිසිවෙකුට සිතිය […]
පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් සැඟවීමේ අවතාර අතර විජේදාස…? Lanka E-News අනාවරණය කරයි
21 පාස්කු ඉරිදා තුන්සියකට ආසන්න පිරිසකට දිවි අහිමිකළ 500 දෙනෙකු සදාකාලික ආබාධිතයන් බවට පත්කල තිරස්චීන ම්ලේච්ඡ ප්‍රහාරයට යුක්තිය ඉටු නොවී දැන් වසර පහක් ගතව ඇත. එකී ප්‍රහාරය කල් යල් බලා සහරාන්ලා නම් අන්තවාදීන් යොදවා එල්ල කළේ ගෝඨාභය නැමති ත්‍රාඩ මිනීමරුවා බලයට ගෙන ඒමටය. එකී අභිරහස ෙයටගැසීමේ අරමුණින් සාක්ෂි වසන් කිරීම සඳහා විමර්ශකයින් සහ සැකකරුවන් මරාදැමීම, […]
Multiple Agent ? ජනපතිවරණයට. Plan B අගමැතිකම
සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකු හෝ එක කණ්ඩායමක් තෝරා ගෙන වැඩ කිරීම ශිෂ්ඨ සම්පන්න දේශපාලනයේ යෙදෙන්නන්ගේ ස්වභාවයයි. ඒ පුද්ගලයා හෝ කඳවුර නොගැලපේ නම් ඉන් ඉවත් වී වෙන කඳවුරක් තෝරා ගැනීම ඔවුන්ගේ ගති ලක්ෂණයයි. එකිනෙකාට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් වෙනුවෙන් වැඩ කරන්නා හඳුන්වන්නේ Double Agent කියාය. එකිනෙකම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් තුනක් තෝරා ගතහොත් ඔහු හඳුන්වන්නේ Triple agent කියාය. මේ ඩබල් […]