Blog

Mar
19

විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් COPE කමිටුව වර්ජනය කරයි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම කමිටුවේ සභාපති ලෙස පත්කිරීමට විරෝධය පළ කිරීමට ලෙස මෙම පියවර ගැනීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන අතර එහි පළමු රැස්වීම එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඊයේ සමගි ජන බලවේගය මන්ත්‍රී එරාන් […]

DETAIL
Mar
19

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණයයි. රනිල් දැනුම් දෙයි

ජනාධිපතිවරණය මේ වසරේ පළමුව පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. එනිසා පළමුව ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරුන්ව දැනුවත් කර ඇති අතර, කොළඹ ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබේ. ව්‍යවස්ථාව අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන නිසා ඒ අනුවම කටයුතු […]

DETAIL
Mar
19

ගෝටගෙ පොත කියෙව්වෙත් නෑ, කියවන්න ඕනත් නෑ

තමන්ට ගෝඨාභය රාජපක්ෂ ලියූ පොත කියවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් බැසිල් ප්‍රකාශ කරන්නේ තමා සතුව ගෝඨා ලියූ පොත නොමැති බව ය. “ගෝඨාභය මට ඔහුගේ පොතේ පිටපතක්වත් දුන්නේ නැහැ,” ඔහු පැවසීය. ගෝඨාභයගේ පොතේ ඩිජිටල් පිටපත ඔබ කියවා ඇත්දැයි රූපවාහිනී නිවේදකයා විමසූ විට බැසිල් රාජපක්ෂ කියා සිටියේ මේ දක්වා […]

DETAIL
Mar
19

කෙහෙලියට විශේෂ වරප්‍රසාද, ප්‍රවාහනයට දරුවන්ගේ බස් රථයක්.!

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කාන්තා රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහනය සඳහා යුනිසෙෆ් ආයතනය පරිත්‍යාග කළ බස් රථයකින් අධිකරණයට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන් වේ. මෙම බස් රථය කාන්තා රැඳවියන්ගේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් භාවිත කළ යුතු බවට යුනිසෙෆ් ආයතනය […]

DETAIL
Mar
19

ජාජබ ඇතුලට පොහොට්ටුව සෙට් එකක් – බැසිල් අමුතුම ගේමක !!

ජාතික ජන බලවේගය අභ්‍යන්තරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් ඇතුල් කිරීමට පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සූදානම් වන බව වාර්තා වේ. ඒ සඳහා වන සූදානමේ එක් කොටසක් පොහොට්ටු මන්ත්‍රී ගාමිණී වලේබොඩ විසින් පෙරදා රඟ දක්වන ලදී. ඒ කතාව මෙසේ ය. ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කිරීම සඳහා තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා […]

DETAIL
Mar
18

ජනාධිපතිකම ගන්නැයි බල කළ අය හෙලිකරනවා – කතානායක

අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකට මුහුණ දීමට නියමිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ. එහිදී පසුගිය අරගල සමයේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති ධුරය ලබා ගන්නයි තමන්ට බලකළ දේශපාලඥයන් සම්බන්ධයෙන් හෙළි කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවද කථානායක මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට එම විවාදයට සහභාගි විය නොහැකි […]

DETAIL
Mar
18

රත්තරං විරෝධය ඇවිලෙයි; ඉරානුත් ඉවත් වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නුසුදුසු සාමාජිකයින් පත් කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එම කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ. “කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයින්ට ඔවුන්ගේ පෞද්ගලික හැසිරීම් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම අසතුටුදායකයි. මෙය පුරවැසියාගේ පාර්ලිමේන්තුව කෙරෙහි ඇති විශ්වාසය නැතිවීමටත් බලපානවා,” ඔහු […]

DETAIL
Mar
18

දේශපාලකයන්ට හොරු අල්ලන්න බෑ. ඒක මිථ්‍යාවක්!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවහොත් ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද? යන්න ගැන ආර්ථිකයේ මතුව ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න රැසක් විමසුමට ලක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද […]

By SLStory News Editor | Uncategorized
DETAIL