Blog

Dec
26

IMF නිර්දේශවලට පටහැනිව යමින් රනිල්ගෙන් චීනයට අවු. 15 ක බදු නිදහසක්.

කොළඹ වරායේ ඇරඹීමට යෝජිත චීනය ප්‍රමුඛ කරගත් සේවා සැපයුම් මධ්‍යස්ථානයට ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත බදු යන බදු වර්ග මත වසර 15ක නිදහස් කිරීමක් ලබාදීමට රජය තීරණය කර තිබේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස 2008 උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (SDPA) යටතේ සිකුරාදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, කොළඹ වරාය දකුණු ආසියාවේ […]

DETAIL
Dec
26

දේශබන්දුට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න පොලිස් කොමිසමට බලය නෑ!

මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට නීතිමය බාධාවක් පවතින බව වාර්තා වේ. ඒ අනුව ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ජාතික පොලිස් කොමිසම යළි අධිකරණය වෙත යොමුවීමට නියමිතය. 2010 වසරේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩකළ නිලධාරීන් […]

DETAIL
Dec
25

දූෂිතයන් එක්ක සජබ සන්ධානගත නොවේමැයි හර්ෂ කී දේ ගොඩහේවාට අදාළ නැද්ද..?

රටේ අවශ්‍යතාව ආර්ථික විප්ලවයක් බවත්, සමගි ජන බලවේගය බිහි කරන නව සන්ධානයට දූෂණ, වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් එකතු කර ගන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය. “අපිත් සමඟ එකතු වෙනවා නම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන. අපි සතුව ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළට එකඟ වෙන්න ඕන. අපි හදන සන්ධානය […]

DETAIL
Dec
23

රනිල් කෙහෙලියව රකිනවද?

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීමේදී සිදුකර තිබෙන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිටත් හිටපු කෙහෙලිය රඹුක්වැල්ලගෙන් අවම වශයෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහජනතාව වෙතින් එල්ල වෙමින් තිබේ. මේ වනවිට ඉමියුනිග්ලොබියුලීන් ඖෂධය ලබ ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් […]

DETAIL
Dec
22

මමයි පැමිණිලිකරු – කෙහෙලිය. අත්අඩංගුවට ගන්න සාක්කි තියෙන්න ඕනෙ – ටිරාන්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත් එනිසා තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. කෙසේ වෙතත් තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කලේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු […]

DETAIL
Dec
22

එක පැත්තකින් ඇතුලෙ කචල්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ තරහවෙලා, පැත්තකින් රනිල් මන්ත්‍රීවරු ඩැහැගන්න බලාගෙන. සජිත් දැඩි අසීරුතාවක!

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ දිනවල සිටින්නේ ඉවසා ගත නොහැකි තකහනියක ය. විශේෂයෙන් ම තම බිරිඳ ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිදු කරන හදිසි කිරීම් සහ කුලප්පු කිරීම් හමුවේ ඔහු දිනපතා එක එක සන්ධාන අටවා ගැනීමට ලෑස්ති වෙයි. ඒ අනුව, ඔහු ප්‍රකට ඩීල්කාර‍යෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස් අගමැති කර තමන් ජනාධිපති වන්නට සැරසෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි […]

DETAIL
Dec
22

කෝට්ටේ හිටපු නගරාධිපතිට ශ්‍රීලනිප සංවිධායකගෙන් මරණ තර්ජන

පිටරට දුරකතන අංකයකින් ඇමතුම් දෙමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවකට මරණ තර්ජනය කර රුපියල් කෝටි 05ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයකු වන සමන් විජේසුන්දරව (21) අත්අඩංගුවට ගෙන තිබේ. […]

DETAIL
Dec
22

රනිල් ඉදිරිපත් නොවන ජනාධිපතිවරණයක් පෙන්වා මඩිය තර කරගන්න තනන රනිල්වාදියෝ!

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට කිසිසේත්ම ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2023.11.28 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. “මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණෙකට එන්නෙ නැහැ. කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා බලයි වෙන කොහෙහරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ.” […]

DETAIL