Blog

Jul
23

රනිල්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මකරු හරස් වේ !!

ජනාධිපති වීමට පෙර සිදු කරන අවසන් විදෙස් සංචාරයට අනුර කුමාර දිසානායක සහභාගී වී සිටියි,  ඒ ජපානයේය.  මාස 20 ක් ඇතුලත ඔහු සිදු කල 15 වන විදෙස් සංචාරය එය වන අතර, 2019 දී ගෝඨාභය රාජපක්‍ෂට මෙන්ම ඔහුටද ඡන්දය ලබා දීමට ලාංකික ඩයස්‌පෝරාව මෙරට පැමිණීම ට මග බලා සිටින වග මාලිමා ආරංචි මාර්ග පවසයි. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී […]

DETAIL
Jul
20

ප්‍රසන්න බැසිල්ගෙන් බෙල්ල මුලින් ම කැපෙයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කරමින් ඉරිදා (21) දිනයේ දී ගම්පහ, කඩවත ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට බැසිල් රාජපක්ෂගේ සුවච කීකරු ගෝලබාලයන් වන ගම්පහ පොහොට්ටු ප්‍රබලයන් තීරණය කොට තිබේ. ඒ අනුව, එම රැස්වීමට සහභාගී නොවන බව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර යන අය දැනටමත් ප්‍රසන්න වෙත […]

DETAIL
Jul
20

ජනාධිපති රනිල්ගෙන් ගිලිහෙන අපේක්ෂකත්වය UNP නායක රනිල් ටද ?  පොදු අපේක්ෂකයකුටද ??

ලෙහා බලන්න ට තිබෙන මල්ල ඔබා බැලිය යුතු නැත , ඒත් වෙන්නට තියෙන දේවල් කලින් නොකියාත් බැරිය. ජනපති රනිල් මොන දහන් ගැට දැම්මත් ජනාධිපතිවරණය නොපවත්වා සිටින්නට විදියක් නැත. පවත් වන දිනය  පිලිබඳව ඉදිරි සතිය තුල මැතිවරණ කොමිසම ප්‍රකාශ කරාවි.  ඇත්තටම ජනපති රනිල්ගේ ඉල්ලීම මත මේ දිනය තවමත් ප්‍රකාශ නොකර ඉන්නවා යන්න එසේ නෑ කීවද මේ […]

DETAIL
Jul
20

අනුරගේ විදෙස් සංචාර 14කට මිලියන 70 ක් වැය කරලා

ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පසුගිය මාස 20 ක කාලය තුළ රටවල් 14 ක සංචාරය කොට ඇති බවත්, ඒ සඳහා මිලියන 70 ක මුදලක් වැය කොට ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මෙම සියලු විදෙස් සංචාරවලදී ඉහළ මිල ගණන් අය කරනු ලබන ව්‍යාපාරික පන්තියේ ගමන් […]

DETAIL
Jul
19

ෆොන්සේකාගේ තැන ඉම්ටියාස්ට?

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමටත්, ඒ වෙනුවට ඉම්ටියාස් බාකීර් මාකාර් පත් කිරීමටත් සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස විසින් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇත.

DETAIL
Jul
14

ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධාන බදුලු රැලියේ දී අලුත් අපේක්ෂකයකු ගැන ඉඟියක්  !!

ජූලි 14 ඉරිදා සුවිශේෂීය,  ජනාධිපතිවරණයට කඳවුරු බැඳගෙන ඉන්න හැමෝම වාගේ රැස්වීම් පැවැත්වීමට මේ දිනය තෝරාගෙන තිබුනේ ළඟ ළඟම එන ජනාධිපතිවරණයට හයිය පෙන්වීමේ පසුබිම ගොඩනැගීම ඉලක්ක කර ගෙන ය. පොහොට්ටුව දිවුලපිටියේ,  මාලිමාව මිනුවන්ගොඩ,  පොහොට්ටුවේ රනිල් පාර්ශවය මහනුවර, චම්පික රණවකගේ පක්ෂය මහරගම මහජන රැස්වීම් පවත්වද්දී කාගේ කාගේත් ඇස යොමු වුනු රැස්වීම පැවතියේ බදුල්ලේ ය. ඒ ශ්‍රිලනිප ප්‍රධාන […]

DETAIL
Jul
14

වැඩ බැරි රනිල් නිසා නට්ටං වන සජබ අප්පුහාමිලා  !!

පහුගිය කාලය තුළ අනුර හිටියේ දිනලා වූවාට දැන් ඒ තැන ගෙන ඇත්තේ සජිත්ය.  සජිත් දැන් ඉන්නේ ෆුල් චූන් එකේය. සජිත් ඉන්නේ  ජනාධිපතිට ඇඳලා නම් ලක්ෂ්මන් ෆොන්සේකා ඉන්නේ මලික් සමරවික්‍රමට ඇඳගෙනය.  මේ දෙදෙනාගේ ඉහට ගසා ඇති  රස්නය කෙතෙක්ද යත් සජබ නැමති දාම් පෙතේ ඉත්තන් එහෙට මෙහෙට කරන්නෙත් කපා පැත්තකට කරන්නෙත් සුදු ඉත්තෝ වෙනුවට කලු ඉත්තන් පෙතට ගෙන […]

DETAIL
Jul
09

රට බංකොලොත්. රාජ්‍ය සේවක ඉල්ලීම් දෙන්න බෑ.. මාලිමා කම්කරු නායක ලාල් කාන්ත කියයි

මේ වන විට ක්‍රියාත්මක වන සෞඛ්‍ය හා අධ්‍යාපන අරගල පිළිගත නොහැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කරයි. උද්ඝෝෂණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට හා රෝගී සත්කාර කටයුතුවලට බාධා එල්ලවීම පිළිගත නොහැකි බව ඔහුගේ අදහස වී තිබේ. ඊයේ (08) දින මහනුවර පැවති විශ්‍රාමික බැංකු සේවක සමුළුවට […]

DETAIL