ප්‍රධාන පුවත්

Oct
21

මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීම ගැන හිරුණිකාට එරෙහි පැමිණිල්ල විභාගයට

පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනාට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු […]

DETAIL
Oct
21

අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ. වැඩපිළිවෙල හාමු ගාව

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමේ වගකීම සර්වජන බලය වෙත ජනතාව පැවරිය යුතු බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි. ඔහු මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන හමුවක් අමතමිනි. “දැන් අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ ආර්ථික වශයෙන් ගත්තොත් වැඩපිළිවෙළක් නැතිව ජනාධිපති වීම නිසා. වැඩපිළිවෙළ තිබුණේ හාමු […]

DETAIL
Oct
21

රවී සෙනෙවිරත්න වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කරන්න. ඔහු පාස්කු විමර්ශනවල ප්‍රධාන චූදිතයෙක්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් රවී සෙනෙවිරත්න වහාම ඉවත් කළ යුතු බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රධාන චූදිතයෙකු ලෙස රවී සෙනෙවිරත්න ජනාධිපති විමර්ශන කොමිසමේ (PCoI) වාර්තාවක් මගින් නම් කර ඇති බව ය. අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ගම්මන්පිල ප්‍රකාශ කළේ 2019 […]

DETAIL
Oct
21

හිටපු ජනපති වරප්‍රසාද කපන්න තවම තීරණයක් නෑ. පනත හරස්වන බව අනුරලා නොදැන සිටියා ද? කමිටු නිර්දේශ මත සියල්ල තීරණය වෙයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකගේ රජය තවමත් තීරණයක් ගෙන නොමැත. ඔවුන් පවසන්නේ තමන් ඒ පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති කමිටුවේ නිර්දේශ අපේක්ෂාවෙන් සිටින බව ය. හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ජනාධිපති අයිතිවාසිකම් පනතට අනුව නිවාස, වාහන සහ විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද හිමි වේ. එවැනි සහන […]

DETAIL
Oct
21

ණය ගැනීම හෙලා දුටු මාලිමාවත් ණය ගන්න හැටි. නිදහසටත් කාරණා

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ණය ලබා නොගන්නා බව මාලිමාවේ කිසිදු නායකයෙකු ප්‍රකාශ කොට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරාපේක්ෂක කේ.ඩී. ලාල් කාන්ත පවසයි. ණය ගැනීම අපරාධයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක දිගින් දිගටම ප්‍රකාශ කළ බව ද, හෙතෙම පෙන්වා දෙයි. මුදල් මංකොල්ලකෑමෙන් හෝ වංචා නොකර ඵලදායී ආයෝජන සඳහා […]

DETAIL
Oct
15

පාස්කු විමර්ශන වාර්තා ගම්මන්පිලට ලැබුණු ආකාරය හෙළි කළ යුතුයි..!

තමන් ලඟ ඇතැයි පවසන, පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරුදහන් වූවා යැයි කියන වාර්තා වහාම දින තුනක් ඇතුළත රජයට බාරදෙන ලෙසත් එසේ තමන්ට එම වාර්තා ලැබුණු ආකාරය පිළිබඳවද හෙළි කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තමන් ලඟ ඇතැයි පවසන පාස්කු ප්‍රහාරය පිළිබඳ රහස් […]

DETAIL
Oct
15

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අමාත්‍ය මණ්ඩලය පවසන්නේ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර, එම පනතේ 23 වන වගන්තියේ විධි විධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි […]

DETAIL
Oct
15

මාළු කාලත් හමාරයි. මාළු මිල අහස උසට නගියි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබේ. එසේම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින ගංවතුර තත්ත්වය නිසා ඒවා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ. මෙම […]

DETAIL