අනුර කුමරුගේ දඹදිව චාරිකාව සහ රනිල්ගේ සබඳතාව
ජාතික ජන බලවේගය එහෙම නැත්නම් මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මේ වෙද්දී ඉන්දියාවේ සංචාරයක නිරත වන බවත්, ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලවේගයකට මාලිමාවෙන් නායකත්වය දෙන බව ඉන්දීය රජය පිළිගන්නා බවත්, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කොට තියෙනවා. ඉන්දීය රජයේ ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුළු ජාජබ පිරිස ඉන්දියාවට ගියත් ගුවන් […]
තනි අශ්වයා දිනවීමේ ආතල් එක කුඩු?
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව කමිටුවේ ප්‍රධානත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණ යනු 1994 පමණ කාලයේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ‘පුටුව’ ලකුණින් බිහි කෙරුණු සන්ධානයයි. CBK යනු ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති නායිකාවක් වගේම ලංකාවේ බොහෝ දේශපාලකයන්ගේ පෙකනිවැල කැපු මහාගෙදර උරුමක්කාරියයි. අදටත් ලංකා දේශපාලනයේදි […]
මුඩු මුහුණකට සීරීමත් ආභරණයකි!
අනුරගේ ඉන්දියන් ගමන පත්තු වුනේය. මුල දී ජවිපෙන් ලංකාවේ මාධ්‍යවලට තොරතුරු ලබා දී තිබුණේ ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුලු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවය. එහෙත්, හින්දු ටයිම්ස් පුවත් වෙබ් අඩවිය මේ තොරතුර වාර්තා කළේ ලංකාවේ ප්‍රධානම මාක්ස්වාදී පක්ෂය ඉන්දියාවේ සංචාරයක නිරත වන බව කියමින්ය. ඒ අනුව […]
තමන්ගේම දැන් නායකයාගේ සැලසුමකට අනුව පරණ නායකයාගෙන් කඳුළු ගෑස් කෑ සජබ පාක්ෂිකයෝ!!!
රනිල් – සජිත් එකතු කරන ඇමරිකානු වෑයම ගැන අපි කිහිප විටක් මෙහි ගෙන හැර දැක්විය.ලංකාවේ දී ඇමරිකානු තානාපතිනිය ජූලි චංග් මෙන්ම රනිල් ගේ ඩාවුස් ගමනේදී හමු වූ ඇමරිකානු නියෝජිතයන්ද මෙම උත්සහය ගත්තේය. නමුත් සජිත් එයට දිගින් දිගටම විරුද්ධ වන්නේ ඇත්තටම ඔහු රනිල් සමඟ වන පුද්ගලික නෝක්කාඩුවක් නිසා ද නැත්නම් දැනටමත් ජනාධිපතිට ඇඳලා ඉන්න නිසාද දන්නේ […]
ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී පක්ෂ නායක අනුරට ඉන්දියාවෙන් නිල ආරාධනයක්..!
ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව 1987-90 ඉන්දීය විරෝධී ව්‍යාපාරයකට නායකත්වය දුන් මාක්ස්වාදී-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නියෝජිත කණ්ඩායමක් සඳුදා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ජාතික ජන බලවේගය ලෙස හෙට ඔවුන් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ය. ජාතික ජන බලවේගය ලෙස සළුපිළි පැළැඳ පැමිණිය ද, ජනතා විමුක්ති පෙරමුණ තවමත් […]
රංගේ..! උම්බෑ නොකියා ඉන්නවද ඔයා?
රංගෙ බණ්ඩාර මහලේකම් තුමා සිය පාක්ෂිකයන් අමතා අනුරාධපුරයේ දී කල වගාඩම්බර කතාව කන වැකුනු අපට ජනශ්‍රැතියේ එන කතා දෙකක් සිහිපත් කර සිටී. එක කතාව වන්නේ නයා පොලේ ගිය කතාවයි. අනෙක කළුවා මාරපනට ගිය කතාවයි. එජාපය මේ වන විට ඉතිහාසය විසින් කුණු බක්කියට විසිකොට තිබේ. එජාපය අද දුවන්නේ තමන් විසින් ගොඩනඟාගෙන ඇති මහජන බලයකින් නොවේ. එම […]
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂලා සහ රාජපක්ෂවාදීන් හුරතල් කරන රනිල් ලැජ්ජ නැතුව ජනාධිපතිවරණෙටත් එනව ද?
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නේ රාජපක්ෂලාට පින් සිද්ධ වන්නට ය. වික්‍රමසිංහ රාජපක්ෂ දෙබෑයෝ කොහොමත් ඉස්සර ඉඳන් ගජ යාළුවෝ ය. හැමදාම දෙන්නාට දෙන්නා රස්සා කර ගනියි. රනිල්ගේ නායකත්වයට අභියෝග වන හැම අවස්ථාවක ම සිරිකොත ඉස්සරහා පාරට තාර වැටුනේ ඒ නිසා ය. එක අතකට ගෝඨා පලවා හළ ජනතා අරගලය හමුවේ රාජපක්ෂ පවුල ආරක්ෂා කළේ රනිල් ය. රාජපක්ෂලා ඒ […]
‘චීන අනුර’ට මුහුණ දීම සඳහා අපේක්ෂකයෙක් අමෙරිකාව සොයයි..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් කිරීමේ අමෙරිකන් සූදානමක් පසුගිය දිනවල අසන්නට ලැබිණ. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය තුළ නායකයා සහ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන ලද රනිල් – සජිත් දෙපළ වෙන්වන්නේ සජිත් සමගි ජන බලවේගය ගොඩ නගා ගෙන එජාපයෙන් ඉවත් වීමත් සමග ය. ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙම පක්ෂ දෙක […]