ප්‍රධාන පුවත්

Dec
27

කතරගම මහ කපුවා භාර වෙයි

රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මීට දින කිහිපයකට පෙර එම […]

By SLStory News Editor | ප්‍රධාන පුවත්
DETAIL
Dec
27

කෙහෙලියගේ ප්‍රකාශය ගෙදරටම ගිහින් ගනී

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාස විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් මෙම ප්‍රශ්න කිරීම සිදුකරමින් ඇත. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනිග්ලොබින් නමැති එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේය.

DETAIL
Dec
26

හොරු එක්ක සන්ධාන නෑ කී හර්ෂට තිස්සගෙන් කණේ පාරක්..!

සමගි ජන බලවේගය බිහි කරන නව සන්ධානයට දූෂණ, වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් එකතු කර ගන්නේ නැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේ මීට ටික දිනකට පෙර ය. අප විසින් ප්‍රශ්න කළේ දූෂිතයන් එක් කර නොගන්නේ නම් නාලක ගොඩහේවා වැන්නෙකුට මහලේකම් තනතුර දෙන්නට සජිත්ගේ කණ්ඩායම සූදානම් වන්නේ කෙසේ ද යන්න ය. හර්ෂ […]

DETAIL
Dec
26

IMF නිර්දේශවලට පටහැනිව යමින් රනිල්ගෙන් චීනයට අවු. 15 ක බදු නිදහසක්.

කොළඹ වරායේ ඇරඹීමට යෝජිත චීනය ප්‍රමුඛ කරගත් සේවා සැපයුම් මධ්‍යස්ථානයට ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත බදු යන බදු වර්ග මත වසර 15ක නිදහස් කිරීමක් ලබාදීමට රජය තීරණය කර තිබේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස 2008 උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (SDPA) යටතේ සිකුරාදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, කොළඹ වරාය දකුණු ආසියාවේ […]

DETAIL
Dec
26

දේශබන්දුට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න පොලිස් කොමිසමට බලය නෑ!

මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට නීතිමය බාධාවක් පවතින බව වාර්තා වේ. ඒ අනුව ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ජාතික පොලිස් කොමිසම යළි අධිකරණය වෙත යොමුවීමට නියමිතය. 2010 වසරේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩකළ නිලධාරීන් […]

DETAIL
Dec
25

දූෂිතයන් එක්ක සජබ සන්ධානගත නොවේමැයි හර්ෂ කී දේ ගොඩහේවාට අදාළ නැද්ද..?

රටේ අවශ්‍යතාව ආර්ථික විප්ලවයක් බවත්, සමගි ජන බලවේගය බිහි කරන නව සන්ධානයට දූෂණ, වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් එකතු කර ගන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය. “අපිත් සමඟ එකතු වෙනවා නම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන. අපි සතුව ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළට එකඟ වෙන්න ඕන. අපි හදන සන්ධානය […]

DETAIL
Dec
23

රනිල් කෙහෙලියව රකිනවද?

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීමේදී සිදුකර තිබෙන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිටත් හිටපු කෙහෙලිය රඹුක්වැල්ලගෙන් අවම වශයෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහජනතාව වෙතින් එල්ල වෙමින් තිබේ. මේ වනවිට ඉමියුනිග්ලොබියුලීන් ඖෂධය ලබ ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් […]

DETAIL
Dec
22

මමයි පැමිණිලිකරු – කෙහෙලිය. අත්අඩංගුවට ගන්න සාක්කි තියෙන්න ඕනෙ – ටිරාන්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත් එනිසා තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. කෙසේ වෙතත් තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කලේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු […]

DETAIL