ප්‍රධාන පුවත්

Oct
02

අනුරගේ ආණ්ඩුවේ පත් කිරීම් ප්‍රශ්න සහගතයි. කලින් හිටි අය කළ වැරදි නොකරන්නයි මේ අය ආවෙ.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු කරන ලද පත් කිරීම් විමසා බැලීමේ දී ඔහු විශ්වාසවන්තභාවය පදනම් කරගෙන මිතුරන්ට තනතුරු දී ඇති බවක් නිරීක්ෂණය වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පවසයි. ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම්වරයා පත්කිරීම පවා ප්‍රශ්න සහගත බව ය. “දැන් ජනාධිපති ලේකම් පත් කරපු එකෙත් අවුලක් තියෙනවා. […]

DETAIL
Oct
02

ජනපති අනුරගේ පළමු ඉන්ධන සහනය

අභිනවයෙන් පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව අද සිට ඉන්ධන මිල අඩු කිරීමක් ප්‍රකාශයට පත් කොට තිබේ. ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ මෙම ඉන්ධන මිල අඩු කිරීම සිදු කළේ ඉන්ධන මිල සූත්‍රය අනුව නො වන බවකි. කෙසේවෙතත්, පසුගිය රජයන් විසින් භාවිත කරන ලද ඉන්ධන මිල සූත්‍රය, ජාතික ජන බලවේග වේදිකාවේ දැඩි විවේචනයට බඳුන් වූ අතර, ඉන්ධනවල […]

DETAIL
Oct
02

ජනාධිපති සහෝදරයා: අනුරගේ ජය සහ සජිත්ගේ පරාජයට හේතු – දයාන් ජයතිලක

ජනාධිපති සහෝදරයා: අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයේ සහ සජිත්ගේ පරාජයේ මානයන් : දයාන් ජයතිලක ‘Daily FT වෙත ලියූ ලිපියක් ඇසුරිනි. අනුර දිසානායක කෙබඳු රාජ්‍ය නායකයෙක් ද, යන්න කාලය විසින් තීරණය කරනු ලබනු ඇත. නමුත් ඔහු දක්ෂ දේශපාලකයෙකු සහ දේශපාලන නායකයෙකු බවට පරිණාමය වී තිබීම ප්‍රශංසා කටයුතු ය. 2020 අගෝස්තු මාසයේ දී ආසන 3ක් සහ 3%ක ඡන්ද […]

DETAIL
Sep
09

අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධය කුමක් ද?

ජාතික ජන බලවේගයේ නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අතර පවතින හිතවත්කම පිළිබඳ කතා ඇසෙන්නට වූයේ අද ඊයේ නොවේ. ඒ පිළිබඳ මුලින් ම කරුණු කීවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහ ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ ය. ‘රතු අලි […]

DETAIL
Sep
06

මාලිමා ‘දූෂණ විරෝධී හඬ’ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු

ජනතා විමුක්ති පෙරමුණේ අනුබද්ධ සංවිධානයක් වූ ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයේ කැඳවුම්කරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක 29984/2024 යටතේ වංචා විමර්ශණ අංශයට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා ය.

DETAIL
Aug
31

සෑම මාස 6 කට වරක්ම රජයේ සේවකයින්ට අනුරගෙන් වැටුප් වැඩිවීමක්

සෑම මාස හයකට වරක් රාජ්‍ය සේවකයාට ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජාතික ජනබලවේගයේ ජනපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. කොළඹ පැවැති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. බඳවාගැනීම්, උසස් වීම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. කිසිම […]

DETAIL
Aug
31

පුස්ස බින්ද වැව් සහ හිටපු ඇමැති අනුරගේ නැව් ටෝක්..!

ජාජබ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් යොමු කරන ලද ලිපියක් ‘කෘෂිකර්ම ඇමති ලෙස අනුර කුමාර එදා කළ මෙහෙවර‘ යන හිසින් යුතුව පසුගිය ආගෝස්තු 25 දා සිළුමිණ පුවත්පතේ පළ විය. මේ ඒ ලිපියට පිළිතුරකි. මම ජවිපෙන් ඉවත් වීම සමරන්නේ නැහැ. ඔවුන් අපේ කරමතට බොහෝ ප්‍රශ්න එකතු කළා. කුඹුරු ගොවිතැන සහ ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳිය යුතුයි. […]

DETAIL
Aug
27

අනුර දිසානායක අවු. 17 ක් රජයේ නිවසක් හොරෙන් පාවිච්චි කරලා. අල්ලස් කොමිසමේ පැමිණිල්ලෙන් දස වසරක් හිර ගෙට?

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය විසිනි. එම සංවිධානයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස් බුක් සටහන මෙසේ ය. “ අනුර දිසානායකට එරෙහි දූෂණ පැමිණිල්ලේ තොරතුරු ======== […]

DETAIL