රනිල් ජනාධිපති තුමනි, දෙවියන්ගෙ නාමයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අත නොතබනු!
රනිල් රටේ ආර්ථික අගාධය කළමනාකරණය කළේය. එයට අපේ ප්‍රණාමය හිමිවන්නේය. නමුත් දැන් දැන් කරන්නට යන දෙය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යයට නම් කෙසේවත් හිතකර වන්නේ නැත. එම නිසා මෙම උත්සාහය ඔහු විසින්ම නතර කළ යුතුය. එසේ නැති නම් පරාජය කළ යුතුව තිබේ. අද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා හරහා ඉදිරිපත් කල ඔබ ඉදිරිපත් කළ මතය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හෙලා දැකිය […]
බංගලාදේශය ගිනි ගනියි, ඉන්දියාව කළබල වෙයි..!
ඉන්දියානු උප මහාද්වීපයේ දිදුලන තාරකාවක් බඳු වූ බංග්ලාදේශය අද වන විට 1971 යුද්ධයේ නිදහස් සටන්කාමීන්ගේ පවුල් සඳහා රජයේ රැකියා වල ‘කෝටා’ ලබා දීමට එරෙහිව විරෝධතා දක්වන කලකිරුණු සිසුන්ගෙන් පිරී තිබේ. The Print යූටියුබ් නාලිකාවේ Cut The Clutter වැඩසටහනෙහි 1485 කථාංගයේ ප්‍රධාන කර්තෘ ශේඛර් ගුප්තා 1970 ගණන්වල සිට අද දක්වා බංගලාදේශයේ සිදුවීම් ඔස්සේ වත්මන් මතභේදයට යටින් […]
රනිල්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මකරු හරස් වේ !!
ජනාධිපති වීමට පෙර සිදු කරන අවසන් විදෙස් සංචාරයට අනුර කුමාර දිසානායක සහභාගී වී සිටියි, ඒ ජපානයේය. මාස 20 ක් ඇතුලත ඔහු සිදු කල 15 වන විදෙස් සංචාරය එය වන අතර, 2019 දී ගෝඨාභය රාජපක්‍ෂට මෙන්ම ඔහුටද ඡන්දය ලබා දීමට ලාංකික ඩයස්‌පෝරාව මෙරට පැමිණීම ට මග බලා සිටින වග මාලිමා ආරංචි මාර්ග පවසයි. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී […]
ප්‍රසන්න බැසිල්ගෙන් බෙල්ල මුලින් ම කැපෙයි
අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කරමින් ඉරිදා (21) දිනයේ දී ගම්පහ, කඩවත ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට බැසිල් රාජපක්ෂගේ සුවච කීකරු ගෝලබාලයන් වන ගම්පහ පොහොට්ටු ප්‍රබලයන් තීරණය කොට තිබේ. ඒ අනුව, එම රැස්වීමට සහභාගී නොවන බව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර යන අය දැනටමත් ප්‍රසන්න වෙත […]
ජනාධිපති රනිල්ගෙන් ගිලිහෙන අපේක්ෂකත්වය UNP නායක රනිල් ටද ? පොදු අපේක්ෂකයකුටද ??
ලෙහා බලන්න ට තිබෙන මල්ල ඔබා බැලිය යුතු නැත , ඒත් වෙන්නට තියෙන දේවල් කලින් නොකියාත් බැරිය. ජනපති රනිල් මොන දහන් ගැට දැම්මත් ජනාධිපතිවරණය නොපවත්වා සිටින්නට විදියක් නැත. පවත් වන දිනය පිලිබඳව ඉදිරි සතිය තුල මැතිවරණ කොමිසම ප්‍රකාශ කරාවි. ඇත්තටම ජනපති රනිල්ගේ ඉල්ලීම මත මේ දිනය තවමත් ප්‍රකාශ නොකර ඉන්නවා යන්න එසේ නෑ කීවද මේ […]
අනුරගේ විදෙස් සංචාර 14කට මිලියන 70 ක් වැය කරලා
ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පසුගිය මාස 20 ක කාලය තුළ රටවල් 14 ක සංචාරය කොට ඇති බවත්, ඒ සඳහා මිලියන 70 ක මුදලක් වැය කොට ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මෙම සියලු විදෙස් සංචාරවලදී ඉහළ මිල ගණන් අය කරනු ලබන ව්‍යාපාරික පන්තියේ ගමන් […]
ෆොන්සේකාගේ තැන ඉම්ටියාස්ට?
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමටත්, ඒ වෙනුවට ඉම්ටියාස් බාකීර් මාකාර් පත් කිරීමටත් සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස විසින් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇත.
ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධාන බදුලු රැලියේ දී අලුත් අපේක්ෂකයකු ගැන ඉඟියක් !!
ජූලි 14 ඉරිදා සුවිශේෂීය, ජනාධිපතිවරණයට කඳවුරු බැඳගෙන ඉන්න හැමෝම වාගේ රැස්වීම් පැවැත්වීමට මේ දිනය තෝරාගෙන තිබුනේ ළඟ ළඟම එන ජනාධිපතිවරණයට හයිය පෙන්වීමේ පසුබිම ගොඩනැගීම ඉලක්ක කර ගෙන ය. පොහොට්ටුව දිවුලපිටියේ, මාලිමාව මිනුවන්ගොඩ, පොහොට්ටුවේ රනිල් පාර්ශවය මහනුවර, චම්පික රණවකගේ පක්ෂය මහරගම මහජන රැස්වීම් පවත්වද්දී කාගේ කාගේත් ඇස යොමු වුනු රැස්වීම පැවතියේ බදුල්ලේ ය. ඒ ශ්‍රිලනිප ප්‍රධාන […]