දේශපාලන

Jan
02

සුළු පක්ෂ පිට යාම නොපෙන්වීමට සජිත් සංදර්ශනයක..

දෙසැම්බරය ගෙවී යන අවසන් දිනෙක කොලඹ ටාජ් සමුද්‍ර හෝටලය වෙත ලංකාවේ සුළු ජාතික නියෝජනයක් සහිත පක්ෂ කීපයකම නායකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත් වී තිබිණ. අදාල හෝටලයේ කළමනාකාරීත්වය සම්බන්ධ සහ ඉන්දියාව සමඟ සමීපව ගණුදෙනු කරන පුද්ගලයකුගේ අනුග්‍රහය මත සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සහිත පෙර කී සාකච්ඡාවට අරමුණ වී තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ […]

DETAIL
Dec
28

දයාසිරි යන්නේ දේශපාලන මිරිඟුවක් පිටුපස ද?

මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ශ්‍රීලනිපයෙන් පලවා හැරීමත් සමඟම තමන්ට අත්විය හැකි දේශපාලනික අනාථභාවය මඟ හරවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවක් මේවන විට ඔහු කියන කරන දෑ මගින් පෙන්නුම් කරමින් සිටී. එම උත්සාහය දේශපාලන විචාරකයින් සමාන කරන්නේ වතුරේ ගසාගෙන යන මිනිසකු පිදුරු ගසකත් එල්ලීමට දරන ලද උත්සාහයකටය. දයාසිරි කියන්නේ තමන් ලාංකේය සමාජය තුළ පවතින වාම […]

DETAIL
Dec
28

ජී.එල්., ගොඩහේවා, ජයසුමන, ඩිලාන් සජබ සමග රහසිගත හොර ගිවිසුම අත්සන් තබයි

ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග ඊයේ රහසිගත හොර ගිවිසුමකට එළඹ තිබේ. ජී.එල්. පීරිස් නම් ඩීල් හාදයාගේ ද, ගොඩහේවාගේද, ජයසුමනගේ ද, පැටිකිරිය අපි මින් පෙර ලිපි මගින් වෙන් වෙන්ව හෙළිදරව් කළෙමු. ජී.එල්. පීරිස්ට අගමැතිකම ද, ගොඩහේවාට සන්ධානයේ මහලේකම්කමද, ලබා දීමට සජිත්, ජලනි, ලක්ෂ්මන් ෆොන්සේකා ‘ත්‍රී ඉඩියට්ස්’ මණ්ඩලය […]

DETAIL
Dec
27

දයාසිරි සජබ හා එක්වීමක් නෑ. ළඟදීම පෙරළිකාර තීන්දුවක්..!

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවදත් දේශපාලන සමාජය තුල පුවත් මවන්නෙකි. පෙරළිකාර තීන්දු තීරණ ගැනීමේ සහ ප්‍රකාශ සිදුකිරීමේ ඉතිහාසයක් ඇති ඔහුව පසුගියදා පැවති ශ්‍රිලනිප සම්මේලනයෙන් පසුව එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලදී. මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව ඉවත් කිරීමෙන් අනතුරුව, ඔහුව තමන්ගේ පැත්තට ඩැහැ ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසගේ ජලනි – ලක්ෂ්මන් කල්ලිය පසුගිය දිනවල දැඩි උත්සාහයක් […]

DETAIL
Dec
27

කෙහෙලියගේ ප්‍රකාශය ගෙදරටම ගිහින් ගනී

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාස විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් මෙම ප්‍රශ්න කිරීම සිදුකරමින් ඇත. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනිග්ලොබින් නමැති එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේය.

DETAIL
Dec
26

හොරු එක්ක සන්ධාන නෑ කී හර්ෂට තිස්සගෙන් කණේ පාරක්..!

සමගි ජන බලවේගය බිහි කරන නව සන්ධානයට දූෂණ, වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් එකතු කර ගන්නේ නැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේ මීට ටික දිනකට පෙර ය. අප විසින් ප්‍රශ්න කළේ දූෂිතයන් එක් කර නොගන්නේ නම් නාලක ගොඩහේවා වැන්නෙකුට මහලේකම් තනතුර දෙන්නට සජිත්ගේ කණ්ඩායම සූදානම් වන්නේ කෙසේ ද යන්න ය. හර්ෂ […]

DETAIL
Dec
26

IMF නිර්දේශවලට පටහැනිව යමින් රනිල්ගෙන් චීනයට අවු. 15 ක බදු නිදහසක්.

කොළඹ වරායේ ඇරඹීමට යෝජිත චීනය ප්‍රමුඛ කරගත් සේවා සැපයුම් මධ්‍යස්ථානයට ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත බදු යන බදු වර්ග මත වසර 15ක නිදහස් කිරීමක් ලබාදීමට රජය තීරණය කර තිබේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස 2008 උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (SDPA) යටතේ සිකුරාදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, කොළඹ වරාය දකුණු ආසියාවේ […]

DETAIL
Dec
26

දේශබන්දුට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න පොලිස් කොමිසමට බලය නෑ!

මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට නීතිමය බාධාවක් පවතින බව වාර්තා වේ. ඒ අනුව ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ජාතික පොලිස් කොමිසම යළි අධිකරණය වෙත යොමුවීමට නියමිතය. 2010 වසරේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩකළ නිලධාරීන් […]

DETAIL