IMF එකටත් දැනුන රනිල් නොඑන බව සහ කිරි පොවා හැදූ රතු නයි !!

IMF එකටත් දැනුන රනිල් නොඑන බව සහ කිරි පොවා හැදූ රතු නයි !!

ඒත් ඔය ජිනීවා සැසියේ ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ කථා රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්නා කාලයන් තුළ කරලියට ආවේ නැත.

දැන් ගෙවී යන්නේ රනිල් බලයේ ඉන්නා කාලයකි.  මානව හිමිකම් කතාව නොවුනට මෙවර ද මාර්තුවේ වෙනත් ජාත්‍යන්තර කථා බහක් ලංකාව අරබයා මතු වීමට නියමිත ය.

ඒ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොහොත් ප්‍රශස්ථකරණයයි.   සරලව කියනවා නම් ලංකාව මෙතෙක් අරන් තිබෙන විදේශ ණය ගෙවීම 2022 වසරේ සිට නවතා දැමුන අතර, ඒ ආර්ථික බංකොලොත්භාවයට පත්වීම නිසා ය.
රනිල් පැමිණ ආර්ථිකය හැදුවා, පෝලිම් නැති කළා,  කරන්ට් කපන එක නතර කලා කියන්නේ මේ ගෙවන්නට නියමිත විදේශීය ණය නොගෙවා ඉතිරි වන ඩොලර් කන්දරාව නිසා ය.

හැමදාම මෙලෙස ණය නොගෙවා ඉන්නට බැරි ය. ණය ගෙවන කාලය පමා කිරීම හෝ ගෙවන්නට නියමිත ණය වලින් කොටසක් අඩු කිරීම හෝ කරගත යුතු ය. මේ පිළිබඳ මැදිහත් කරුවා වූයේ IMF එකයි. එහි ආයතන මට්ටමේ නියෝජිතයන් අතර දිගින් දිගටම සාකච්ඡා රනිල්ගේ ආණ්ඩුව සිදු කළ අතර, මේ මාර්තුවේ නියමිතව ඇත්තේ ඒ ගැන තීන්දුවක් තීරණයක් ගැනීමට ය.

නමුත් දැන් ආරංචි වෙන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ද්වි-පාර්ශ්වික මෙන්ම බහු පක්ෂ ගිවිසුම් අත්සන් කිරීමක්  IMF එක සහ අදාළ ණය හිමියන් බලාපොරොත්තුවන බවයි. එය ඉතා අසීරු සහ සිදු නොවන පියවරක් විය හැකි අතර, එයින් කියැවෙන්නේ මාර්තුව සුබ නොවන බවයි.

ඇයි හදීසියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවැනි තීන්දුවකට පැමිණ ඇත්තේ යන්න විමසා බැලීම වටියි..

පළමුව එයට හේතුව මේ කපා හැරෙන කොටස්වලින් පසුව හෝ ඔවුනට ඉතිරි ණය මුදල් ගෙවන බවට ලංකාව කෙරෙහි විශ්වාසයක් ඇති නොවීමයි. වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමඟ ගිවිසුම් අත්සන් කළාට රනිල් ජනාධිපති පුටුවේ නැවත වාඩි නොවන බවට IMF ඇතුලු ණය හිමියන්ට දැනී ඇත.  එම නිසා ඔවුන් ගිවිසුම බහු පක්ෂ විය යුතුය යන කොන්දේසිය ඉදිරිපත් කර ඇත.

ඊළඟ කරුණ වන්නේ ජවිපෙ අනාගත රජයක මුදල් ඇමතිවරයා යැයි සැලකෙන සුනිල් හඳුන්නෙත්ති විසින් තමන්ගේ රජයක් මගින් විදෙස් ණය නොගෙවන බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කිරීමයි.  මෙය බරපතල කාරණයක් ලෙස ණය හිමියන් සලකන නිසා මේ අලුත් ගිවිසුම් කොන්දේසි දමා ඇත. ලංකාවේ ලිං මැඩියන්ට පොර ටෝක් දෙන්නට ගොස් රටටම අවාසිදායක තත්වයක් නිර්මාණය වී ඇත්තේ මෙලෙස ය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ බලා සිටියේ මාර්තුවේ මේ IMF ගිවිසුම යෝජනා සාර්ථක කරගෙන අලුත් ණය ප්‍රමාණයකුත් ලබා ගෙන, ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළටත් පැමිණ ජයග්‍රාහී ලෙස ජනාධිපතිධූර අපේක්ෂකත්වය ප්‍රකාශ කරන්නටය.

නමුත් රනිල් ගේ ජීවිතය පුරා රැගෙන ආ මොනවා කළත්  ජනතා කැමැත්ත නැති පාපය සහ මෑතක සිට තමන්ම කිරි පොවා හැදූ ජවිපෙ මෝඩ කියුම් කෙරුම් හරහා රනිල්ගේ අපේක්ෂකත්ව බලාපොරොත්තුව පමණක් නොව රටේ ජනතාවගේ ආර්ථික බලාපොරොත්තු ද කඩවන තත්ත්වයක් උදා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *