ITN සභාපති ගංකබරයෙක්, අනුර ‘අපහාසය’ යළි අරඹයි!

ITN සභාපති ගංකබරයෙක්, අනුර ‘අපහාසය’ යළි අරඹයි!

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සභාපති සුදර්ශන ගුණවර්ධන මුලින් පෙනී සිටියේ සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස වුවත්, සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බව ය.

ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාතර දිසා සමුළුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද ප්‍රකාශ කළේය.

“අපි හමුවේ තියෙන විශාල වගකීමක්. ඈත ගම්වල ඉන්න අම්මලා, තාත්තලා, අලුත් තරුණ පරම්පරාව, දුවා දරුවෝ අපි දිහා බලාගෙන ඉන්නවා. මේ ඇතිවී තිබෙන මේ ව්‍යසනයෙන් අපේ රට මුදා ගනියි කියලා විශාල බලාපොරොත්තුවක් ඔවුන් තුළ තිබෙනවා. ඒ නිසා අපි කලබල වෙලා, වැරදි පාරවල්, අකුල්වල වැටිලා, ඒ බලාපොරොත්තු සුන් කරන්නේ නෑ. මේ කුණාටුවකට මැදිවී තිබෙන මේ යාත්‍රාව, සහතික වශයෙන් තෝරන්න ඕන හොඳම උපාය මාර්ග, උපක්‍රම තෝරමින්, ජයග්‍රහණය සඳහා මේ යාත්‍රාව ගෙන යන බව සහතික කරනවා. අපි අතිශය ප්‍රවේශම් වෙන්න ඕන. වචනයක්, උනොත් ඉවරයි හොඳේ.

අයි. ටී. එන්. ඒකෙ තියා සභාපති කෙනෙක් සුදර්ශන ගුණවර්ධන කියලා. එයා සඟරාවක් ලිව්වා ‘සමබිම’ කියලා. නිකන් පෙනී හිටියේ මාර නියෝ ලිබරල් හැම එකටම ඉඩ දෙන මනුස්සයෙක් කියලා. ප්‍රවෘත්ති බලපුවහම ගං කබරයෙක්. මම මේ කියන්නේ. ඒ හින්දා වචනයක්වත් කරගන්න අයිතියක් නැහැ අපිට. අතිශය ප්‍රවේශම්කාරී, කතා කිරීමේදී, වචන හැසිරීමේදී, ක්‍රියාමාර්ග ගැනීමේදී, තීන්දු තීරණ ගැනීමේදී, පපුවෙන් නෙවෙයි ඔලුවෙන් තීන්දු ගන්න ඕන අපි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *